මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ඉදිකිරීම් ව්‍යාපෘති කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය. සිය නිල ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
විශේෂයෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදයකින් තොරව සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය. පොතුහැර සිට රඹුක්කන හරහා ගලගෙදර දක්වා විහිදෙන මෙම කොටසේ වැඩකටයුතු ස්ථාවර මට්ටමින් පවතින බවත්, පොතුහැර සහ රඹුක්කන අතර කොටසේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 75 ක් පමණ මේ වසරේ මාර්තු මාසය වන විට අවසන් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
බාහිර ගෝලීය අභියෝග පැවතියද, සියලුම ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කිරීම රජයේ අරමුණ බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.












