• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දෙපයින් නැගිටින අයට ශක්තියක් දෙන්න එන්ටප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා සුදානම්

10 August 2018
in සංවර්ධන

ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය සොයා ගැනීමට නොහැකිව සිටින පිරිස්වලට ශක්තියක් ලබා දීමට එන්ටප්‍රයිසස් ශ‍්‍රී ලංකා යෝජනා ක‍්‍රමය හඳුන්වා දී ඇති අතර දෙපයින් නැඟී සිටින අයට ශක්තියක් ලබා දීමට රජය සුදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය කෑගල්ල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති අචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජය මගින් හඳුන්වාදෙන, එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය දියත් කිරීම වෙනුවෙන් පසුගියදා (08) බුලත්කොහුපිටිය, යටියන්තොට සහ ගෝනගල්දෙනිය යන ප‍්‍රදේශයන්ගේ මහජන බැංකු සහ ලංකා බැංකු ශාඛාවල පැවති උත්සව අවස්ථාවන්ට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා “මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වෙන්නේ මහජන බැංකුව සමග ඒකාබද්ධ වෙලා. මහජන බැංකුව හැදුවෙම මේ රටේ සමස්ත පොදු ජනතාවගේ බැංකුව හැටියට. ඊට කළින් විවිධ බැංකු තිබුණා. හැබැයි ජනතාවට ඒවාට ගොඩවෙන්නේවත් නැහැ.ඔවුන් තුළ එක එක කුතුහලයන් පැවතුණා. නමුත් මහජන බැංකුව පුංචි මිනිස්සුන්ගේ බැංකුව හැටියට. ඒනිසාම තමයි මේ එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන යටතේ අවම පොලියක් සහ අවම ඇප ක‍්‍රමයක් මත මහජනතාවට පහසු ආකාරයෙන් ණය ලබාදෙන්න යන්නේ. මෙම වඩසටහන යටතේ සමහර ණය වල පොලිය බින්දුවයි. අපේ ඉන්න පුරවැසියන්ගෙන් ඕනෑම කෙනෙක්ට මෙම යෝජනා ක‍්‍රමය යටතේ තමන්ට ගැලපෙන ණයක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. උදාහරණයක් හැටියට අපේ ත‍්‍රීවිල් හිමිකරුවන්ට මීටරය ලබාගැනීම වෙුනවෙන් ලබාදෙන රු. 20000 ණය ක‍්‍රමයෙන් ආරම්භ වී රු. කෝටි හැත්තෑපහක් දක්වා මෙම ණය පරාසය විහිදිලා තිබෙනවා. අපි උත්සාහ කරන්නේ මෙම ණය යෝජනා ක‍්‍රමය ජනතාව අතරට වඩාත් ඉක්මණින් ගෙනයන්න. ඒ සඳහා බැංකුවේ කැපවීමත් විශාල වශයෙන් බලපානවා. මම විශ්වාස කරනවා මහජන බැංකුවට ඒ කැපවීම සහ උනන්දුව උපරිමයෙන් තිබෙනවා කියලා” යැයි පැවසීය.

Post Views: 15
Previous Post

වැඩබැරි ආණ්ඩුව එලවන්නවා- විමල් කියයි

Next Post

නම් දාගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ – මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්

editor

editor

Next Post

නම් දාගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved