27 July 2024
#දේශීය

වැඩබැරි ආණ්ඩුව එලවන්නවා- විමල් කියයි

රට බෙදන, රට විකුණන, රට වනසන, වැඩබැරි හිඟන ආණ්ඩුවට එරෙහිව ජන බලය ලබන මස 05 වනදා (සැප්තැම්බර් ) කොළඹට ගෙන්වා ගැනීමට සුදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ සඳහා කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගෙන්වා ගැනීමට දැන් සිටම සූදානම් වන බව ඒ මහතා පැවසිය.

විමල් වීරවංශ මහතාට අමතරව ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර, තරුණ කටයුතු පිළිබඳ ලේකම් උදයශාන්ත ගුණසේකර, දේශපාලන මණ්ඩල සභික නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ද ප‍්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ හා ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද මෙම ජනහමු මාලාවේ ප‍්‍රධාන කථිකයෝ ලෙස කටයුතු කිරීමට නියමිතයි.

රට පුරා පැවැත්වෙන ජනහමු මාලාවේ සමාරම්භක ජනහමු අගෝස්තු 11 වැනිදා කඩුවෙල ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයකක දී සිදු කිරීමට නියමිත බව විරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය. 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *