ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. අද (05) සවස 4.00 සිට හෙට (06) සවස 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බව එම සංවිධානය පවසයි.
ඒ අනුව බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත. මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ සහ උඩුදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගඟ කෝරලේ, මාතලේ සහ රත්තොට යන ප්‍රදේශ සඳහා 2 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එමෙන්ම, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ රඹුක්කන, සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට සහ අයගම යන ප්‍රදේශ සඳහා 1 මට්ටමේ විමසිලිමත් වීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.














