කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන “2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව” හෙට (13) දින එළිදැක්වීමට නියමිතයි. වර්තමාන රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.
ක්ෂේත්‍රයේ පවතින ව්‍යුහාත්මක බාධක ඉවත් කිරීම අරමුණු කරගත් මෙම උපායමාර්ගික රාමුව කුළුණු 11 කින් සමන්විත වේ. මේ හරහා ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර ලියාපදිංචිය පහසුවෙන් කර ගැනීමටත්, නවීන තාක්ෂණයට සහ විශේෂිත මූල්‍ය පහසුකම්වලට ප්‍රවේශ වීමටත් අවස්ථාව උදාවන බව සඳහන් වේ. මීට අමතරව, සාම්ප්‍රදායික නිලධාරීවාදී ක්‍රමයෙන් බැහැරව ව්‍යවසායකයාගේ වර්ධනයට සෘජුව සහාය වන නොමිලේ උපදේශන සේවාවන් ලබාගත හැකි ක්‍රමවේදයක් ද මේ හරහා නිර්මාණය වනු ඇත.
මෙම ජාතික වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා උත්පාදනය කරමින් තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමටත් රජය අපේක්ෂා කරයි.














