ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් දියේ ගිලෙමින් සිටි 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයන් පස් දෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබේ. ඊයේ (28) සවස මෙම අනතුර සිදු වී ඇති අතර, බේරාගත් තරුණයන් නාවල, කොස්වත්ත සහ රාජගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ තීරයන් ආවරණය වන පරිදි ජීවිතාරක්ෂක මුරකුටි 16ක් පවත්වාගෙන යමින් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සිදුකරන මෙහෙයුම් හේතුවෙන් මෙම ජීවිත බේරා ගැනීමට හැකි වී ඇත. 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඔවුන් විසින් මුහුදේ ගිලෙන්නට ගිය විදේශිකයන් 1,237 දෙනෙකු ඇතුළු ජීවිත 2,649ක් බේරාගෙන තිබේ.
















