දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ ජලාශ රැසක ජල මට්ටම අඩක් පමණ දක්වා පහළ බැස ඇති බව වාර්තා වේ.
ඒ අනුව බෝවතැන්න, මාදුරුඔය, කලාවැව, හුරුළුවැව සහ දියවාන වැව ඇතුළු ජලාශ කිහිපයකටම මෙම තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ. ජල මට්ටම මෙලෙස හදිසියේ පහළ යාම නිසා කෘෂිකාර්මික කටයුතු මෙන්ම පානීය ජල සැපයුම් සඳහා ද යම් යම් අභියෝග මතුව ඇති අතර, ඉදිරි කාලගුණික තත්ත්වයන් මත පදනම්ව ජලය පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස අදාළ අංශ විසින් ජනතාවගෙන් ඉල්ලා සිටී.














