• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැයි දින රැලී සහ පෙළපාලි කොළඹ සහ ප්‍රධාන නගරවල විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලසුම් ක්‍රියාත්මකයි

1 May 2026
in දේශීය, පුවත්
මැයි දින රැලී සහ පෙළපාලි කොළඹ සහ ප්‍රධාන නගරවල  විශේෂ ආරක්ෂක සහ රථවාහන  සැලසුම් ක්‍රියාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද (මැයි 1) පැවැත්වෙන මැයි දින රැලී සහ පෙළපාලි වෙනුවෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ නිලධාරීන් දහස් ගණනක් ආරක්ෂාව සඳහා යොදවා ඇති අතර රථවාහන ගමනාගමනයට බාධා නොවන පරිදි විශේෂ රථවාහන සැලසුම් ද හඳුන්වා දී ඇත.
කොළඹට අමතරව අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, රත්නපුරය, කෑගල්ල, ගාල්ල, මාතර සහ කළුතර යන නගරවල ද ප්‍රධාන රැලී පැවැත්වෙන බැවින් එම ප්‍රදේශවල ආරක්ෂාව සහ මහජන සාමය තහවුරු කිරීමට පොලිස්පතිවරයා විසින් සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට විශේෂ උපදෙස් ලබා දී ඇත.
මහරගම ජාතික තරුණ සේවා සභාව ඉදිරිපිට ජාතික ජන බලවේගයේ රැලිය පැවැත්වෙන අතර එම ප්‍රදේශයේ ඇති විය හැකි තදබදය හේතුවෙන් රියදුරන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දන්වා ඇත. මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ සමගි ජන බලවේගයේ රැලියත්, බොරැල්ල කැම්බල් පිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැලියත් පැවැත්වේ. හයිඩ් පිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ රැලිය ද, කොම්පඤ්ඤවීදිය ඊ. ඒ. ගුණසිංහ ක්‍රීඩාංගණයේ වෘත්තීය සමිති ඒකාබද්ධ රැලිය ද සංවිධානය කර ඇත.
තවද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සහ සමාජවාදී ජනතා පෙරමුණේ ඒකාබද්ධ රැලිය ආයුර්වේද හන්දියෙන් ආරම්භ වී බොරැල්ල දෙසට ගමන් කිරීමට නියමිතය. මෙම උත්සව පැවැත්වෙන අවස්ථාවන්හිදී රථවාහන පාලනය සඳහා පොලිසිය ලබා දෙන උපදෙස් පිළිපදින ලෙස සහ අද දිනයේ ගමන් බිමන්වල යෙදෙන විට වැඩි අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

Next Post

ඉන්දීය ඔයිල් කෝපරේෂන් සමාගම කාර්මික එල්.පී. ගෑස් සහ විදේශීය ගුවන් සේවා සඳහා ජෙට් ඉන්ධන මිල ඉහළ දමයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවසීලන්ත මුස්ලිම් පල්ලි ප්‍රහාරකයාගේ  අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

නවසීලන්ත මුස්ලිම් පල්ලි ප්‍රහාරකයාගේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

1 May 2026
සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස  ජනතා මතයට ගරු කරනවා

සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස ජනතා මතයට ගරු කරනවා

1 May 2026
ආනවිලුන්දාව තෙත් බිම සුරැකීමට  SLT-MOBITEL වෙතින්  කඩොලාන ප්‍රතිස්ථාපන  වැඩසටහනක්

ආනවිලුන්දාව තෙත් බිම සුරැකීමට SLT-MOBITEL වෙතින් කඩොලාන ප්‍රතිස්ථාපන වැඩසටහනක්

1 May 2026
ඛනිජ තෙල් සංස්ථාවේ  2025 ලාභය පිළිබඳ  බෙදුම්කරුවන්ගේ  දැඩි විරෝධය

ඛනිජ තෙල් සංස්ථාවේ 2025 ලාභය පිළිබඳ බෙදුම්කරුවන්ගේ දැඩි විරෝධය

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවසීලන්ත මුස්ලිම් පල්ලි ප්‍රහාරකයාගේ  අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

නවසීලන්ත මුස්ලිම් පල්ලි ප්‍රහාරකයාගේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

1 May 2026
සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස  ජනතා මතයට ගරු කරනවා

සැබෑ ජනතා ආණ්ඩුවක් ලෙස ජනතා මතයට ගරු කරනවා

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved