2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුකූලව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ රාජ්‍ය ආයතන වෙත මෙම උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය ආයතන හරහා කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී සහ යටිතල පහසුකම් සපයා ගැනීමේදී ආයෝජකයින් මුහුණ දෙන ප්‍රමාදයන් හා ගැටලු නිරාකරණය කරමින්, ඉතා විනිවිදභාවයෙන් හා මනා සම්බන්ධීකරණයකින් යුතුව මෙම ආයෝජන කටයුතු කඩිනම් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.














