ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථිර රැකියා නොමැතිකම හේතුවෙන් ඔවුන් මුහුණ දෙන ආර්ථික හා සමාජීය ගැටලු විසඳීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල රැකියා නියුක්ත කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත්, ඔවුන් ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යොමු කිරීමටත් අපේක්ෂා කෙරේ.
















