ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලීමේ නිරතව සිටි බවට චෝදනා ලැබූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ඔවුන් භාවිත කළ ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබේ. මෙම මෙහෙයුම ඔක්තෝබර් 3 වැනිදා ඩෙල්ෆ්ට් දූපතට දකුණින් සිදුකර ඇති බව නාවික හමුදාව පවසයි.
ජාත්‍යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) පසුකර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් මසුන් ඇල්ලීමේ නිරතව සිටි මෙම පිරිස, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර විසින් සිදුකළ මෙහෙයුමකදී හඳුනාගෙන භාරයට ගෙන තිබේ.
අදාළ ධීවරයින් සහ යාත්‍රාව ඔක්තෝබර් 4 වැනිදා කන්කසන්තුරේ වරායට රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය














