නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර නිල හමුවක් අද (27) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙහිදී නාවික හමුදාපතිතුමා වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.
මෙම සුහද හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා විසින් අමාත්‍ය විජිත හේරත් මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලැබීය.














