දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව සූදානමින් තබා තිබෙනවා.
ඒ අනුව ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානමින් තබා ඇති බවයි නාවික හමුදාව නිවේදනය කරන්නේ. අද (21) දකුණු සහ බටහිර නාවික විධාන යටතේ කණ්ඩායම් 14ක් ද ස්ථානගත කර තිබෙනවා.
දකුණු නාවික විධානය යටතේ තවලම, හිනිදුම, මාපලගම සහ නාගොඩ ප්‍රදේශවල කණ්ඩායම් 5ක්ද, බටහිර නාවික විධානය යටතේ නාවලපිටිය, යටියන්තොට, සීතාවක සහ රත්නපුර ප්‍රදේශවල කණ්ඩායම් 9ක්ද අවශ්‍යතාව මත යෙදවීම සඳහා සූදානම් කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.













