2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (21) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එම වරෙන්තුවෙන් දන්වා තිබෙනවා.













