පසුගිය 15 වැනි දින රාජකාරී අතරතුර සිදු වූ මෙම අවාසනාවන්ත අනතුරින් ජාතිය වෙනුවෙන් කැපවී සේවය කළ දක්ෂ නිලධාරියෙකු අහිමි වීම ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්මරටටම පිරවිය නොහැකි පාඩුවක් බව නාවික හමුදාව සඳහන් කරයි. අභාවප්‍රාප්ත නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කළ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා, ඔවුන් හමුවී අමේය දුක්බර මොහොතේදී අවශ්‍ය සහයෝගය ලබා දෙන බවටත් සහතික විය.
2020 වසරේදී 63 වන බඳවාගැනීමට එක්වී මාතෘභූමියේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ ලුතිනන් තිළිණ උදයප්රියගේ දේහය පිළිබඳ අවසාන කටයුතු පූර්ණ නාවික හා රාජ්‍ය ගෞරව සහිතව හෙට (07) වේරහැර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.














