ශ්‍රී ලංකා නාවික හමුදාවේ 267 වැනි ආධුනික නාවික බඳවා ගැනීම යටතේ ආධුනික නාවිකයින් බඳවා ගැනීම 2026 අගෝස්තු මස 13 සහ 14 යන දිනවලදී නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා යන සියලුම අංශ සඳහා සිදු කළ මෙම 267 වැනි ආධුනික නාවික බඳවා ගැනීම යටතේ, ආධුනික නාවිකයින් 230 දෙනකු සහ ආධුනික කාන්තා නාවිකයින් 100 දෙනකු ඇතුළු නවක නාවිකයින් 330 දෙනෙකු මෙලෙස නාවික හමුදා සේවයට එක්වීම සිදුවිය.
මෙම බඳවා ගැනීමේ අවස්ථාව සඳහා අධ්යක්ෂ නාවික පුද්ගල කොමදෝරු මනෝජ් ලීලානන්ද ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ නාවික පුද්ගලයින් පිරිසක් මෙන්ම, ආධුනික නාවිකයින්ගේ දෙමාපියන් සහ ඥාතීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.














