තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නොගැඹුරු ප්‍රදේශයක පිහිටි ගල්පරයක තදින්ම අතරමං වී සිටි 17 හැවැරුදි ඉන්දීය ජාතික පුද්ගලයෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (2026 සැප්තැම්බර් 11) නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. තලෙයිමන්නාරම කඳවුරේ නාවිකයන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර අදාළ පුද්ගලයා තලෙයිමන්නාරම වෙත රැගෙන ගොස්, අවශ්‍ය ප්‍රථමාධාර, ආහාර සහ මානුෂීය ආධාර ලබා දී ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කර ඇත.
රටක මුහුදු සීමාවන් සහ ජාතික ආරක්ෂාව යනු සෙල්ලම් බඩුවක් නොවන නමුත්, වෙනත් රටක සිට අපේ මුහුදු තීරයට ඇතුළු වන පුද්ගලයින් ගල්පරවල අතරමං වී කෑගසන තුරුම රටේ මුහුදු සීමාව ආරක්ෂා කළ යුතු බලධාරීන් සහ ආරක්ෂක යාන්ත්‍රණයන් සිටින්නේ කුමන නින්දේද යන්න බරපතල ප්රශ්නයකි. රටේ සමුද්‍රීය සීමා නියාමනය සහ මුහුදු මාර්ග ආරක්ෂාව සම්පූර්ණයෙන්ම බිඳ වැී ඇති ආකාරය මෙවැනි සිදුවීම් මගින් මනා ලෙස හෙළි වන අතර, ජාතික ආරක්ෂාව තුට්ටුවකටවත් මායිම් නොකර බලා සිටින පාලකයින්ගේ අදූරදර්ශී ප්‍රතිපත්ති නිසා අද ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව නීති විරෝධී ගමන්වල නියැලෙන්නන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ නිදැල්ලේ හැසිරෙන තෝතැන්නක් බවට පත්ව තිබේ.













