14 වැනි ආරක්ෂක සේවා අත්පන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා නාවික හමුදා කණ්ඩායම සමත්ව තිබේ.
2026 ඔක්තෝබර් 19 වැනිදා සිට 23 වැනිදා දක්වා පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්රීඩාංගණයේ පැවති තරගාවලියේ අවසන් තරගයේදී නාවික හමුදා කණ්ඩායම ලකුණු 38–32ක් ලෙස ශ්රී ලංකා යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් මෙම ජයග්රහණය හිමිකර ගත්තේය.
තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්රීඩකයන් අතරින් හොඳම ක්රීඩකයා ලෙස නායක නැවි එච්.ඒ.ඩී. හෙට්ටිගොඩ ද, හොඳම ආරක්ෂක ක්රීඩකයා ලෙස නායක ලිපිකරු කේ.කේ.ඩී. නුවන්ජිත් ද, හොඳම ආක්රමණශීලී ක්රීඩකයා ලෙස නායක නැවි ඩබ්ලිව්.ඒ.සී.පී. විජේවර්ධන ද සම්මාන හිමිකර ගත්හ.
ශ්රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලියට ත්රිවිධ හමුදා සාමාජිකයන් සහභාගී වූ අතර, නාවික හමුදා ක්රීඩා අධ්යක්ෂ කොමදෝරු චන්දික එදිරිසිංහ, ආරක්ෂක සේවා ක්රීඩා මණ්ඩලයේ සම්බන්ධීකරණ නිලධාරී කපිතාන් නිශ්ශංක වික්රමසිංහ සහ නාවික හමුදා අත්පන්දු සංගමයේ සභාපති කොමාණ්ඩර් සුපුන් ශ්රීලාල් රත්න ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















