පසුගිය කාලයේ ලැබුණු වැඩි වර්ෂාපතනය හේතුවෙන් විදුලි ජනන පිරිවැය පාලනය කර ගැනීමට හැකි වී ඇති බැවින්, ඉදිරි කාර්තුව සඳහා විදුලි මිල ඉහළ දැමීමේ කිසිදු ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (11) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම, එළැඹෙන වසරේ මුල් මාස තුන සඳහා ද අඛණ්ඩව විදුලි ජනනය සහ සැපයුම තකා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග බලශක්ති අමාත්‍යාංශය විසින් මේ වන විටත් ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















