ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහා අලුතින් බඳවා ගන්නා ලද වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා ඇත්තේ අද දින පත්වීම් ලබන මෙම නිලධාරීන් විශ්‍රාම යන්නෙත් මාලිමා රජය යටතේම බවයි.
ශ්‍රී ලංකා ප්‍රවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු මෙම වේලාසටහන්කරු තනතුර සඳහා තේරී පත්වීම මෙහි ඇති සුවිශේෂී සිදුවීමක් වන අතර, අයදුම්පත් 2000කට අධික සංඛ්‍යාවක් අතරින් පාරදෘශ්‍ය ලෙස කුසලතා මත මෙම 18 දෙනා තෝරාගෙන ඇත. ඉදිරි වසර 05 ඇතුළත සිදු වන ඩිජිටල්කරණය සහ වෘත්තීය පරිවර්තනයන් සමගින් මොවුන්ගේ සේවය දැවැන්ත වෙනසකට ලක් වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














