අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල හා දෙමළ මාධ්‍ය පාසල් 13කට අද (21) නිවාඩු ලබාදී තිබෙනවා.
ඒ අනුව නුවරඑළිය කලාපයේ පාසල් 4කටත්, හැටන් කලාපයේ පාසල් 9කටත් නිවාඩු ලබාදී ඇති බවයි කලාප අධ්‍යාපන කාර්යාලවල අධ්‍යක්ෂවරුන් සඳහන් කරන්නේ.
පවතින කාලගුණික තත්ත්වය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත පවරා ඇති අතර, අනෙකුත් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.













