• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක්

22 June 2022
in ව්‍යාපාර

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමීව සිය වගා භුමි ආශ්‍රිතව මී පැල සහ දේශීය ශාක ලක්ෂයක් 100,000ක් සිටුවීමේ Together with Mee ජාතික පාරිසරික තිරසාරභාවය සුරක්ෂිත කිරීමේ වැඩසටහනක් දියත් කළේය.

ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණයවන පරිදි මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මී පැල 5000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශිය වැවිලි සමාගම් සමග ඒකාබද්ධව එම වතු යායන්වල රෝපණය කළේය.

Together with Mee රුක් රෝපණ වැඩසටහන එළඹෙන 2023 ලෝක පරිසර දිනය වන විට මී පැල ලක්ෂයක් තවත් ඒක දේශීය ශාකයන් සමග රෝපණය කර අවසන් කිරීමට ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය බලාපොරොත්තු වේ.

දේශීය සම්පත්දායකයින් වශයෙන් ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය කරා රැගෙන යමින් මෙරට පාම් ඔයිල් අවශ්‍යතාවය සපුරාලමින් ශ්‍රී ලංකාව ඔයිල් පාම් වලින් ස්වයංපෝෂිත කරලීම සඳහා යන ගමන් මගේ පාරිසරික තිරසාරභාවය ඉහළ නැංවීමට, ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය නිරතුරුව කැපවී සිටී.

ශ්‍රී ලංකා ද්වීපයේ සාරවත් මහ පොළොවෙන් පෝෂණය වන මෙරට පාම් ඔයිල් කර්මාන්තයට මහපොළව හා ඇත්තේ නොසිඳෙන බැඳීමකි. එම බැඳීම තවදුරටත් ශක්තිමත් කරමින් පරිසරයේ කාබන් සමතුලිතභාවය සුරක්ෂිත කිරීමත් මහ පොළොවට ස්වභාවික පෝෂණය ලබා දීමත් සඳහා අතීතයේ සිටම යොදා ගන්නා ලද ඒක දේශීය ශාකයක් වන මී ශාකය සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දෙමින් පරිසර සංරක්ෂණ ක්‍රියාවලියට සිය දායකත්වය සෘජුවම ලබා දීම සඳහා මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. මී ගස පැය විසි හතර පුරා ඔක්සිජන් සපයන ශාකයක් වන අතර ස්වභාවිකව පළිබෝධකයන් පාලනය කිරීමට සහාය වන ශාකයකි. එසේම වගාවන්ට ස්වභාවිකම පොහොර ලබාදෙන සුවිශේෂී මුලාශ්‍රයක් ලෙස ද හඳුනා ගෙන ඇත. අතීත ශ්‍රී ලාංකික ජනතාව ඉහළ ඖෂධීය වටිනාකමකින් යුතු ශාකයක් ලෙස සැලකින. සියවස් කිහිපයක් බටහිර ජාතීන්ගේ මි ගස් විනාශය හේතුවෙන් මෙරට ජනතාවට සහ පරිසර පද්ධතියට දැඩි බලපෑමක් එල්ල විය. ඒ අනුව නැවත මි ශාකය මව් දෙරණ මත ස්ථාපිත කරවීම රටේ ඉදිරි අනාගතය උදෙසා කරනු ලබන දැවැන්ත ආයෝජනයකි.

Together with Mee වැඩසටහන යටතේ 2022 ජුනි 05 වනදාට යෙදුනු ලෝක පරිසර දින රුක් රෝපණයට සමගාමීව ආගමික නායකයින්, පාසල් සිසුන්, රාජ්‍ය ආයතන සහ ප්‍රදේශවාසීන් සභාභාගී කර ගනිමින්, පරිසර සුරක්ෂිතභාවට, ජෛව විවිධත්වය, ආවේණික සතුන් හඳුනා ගැනීම පිළිබඳ වැඩමුළු කිහිපයක් ද පැවැත්වුණු අතර “පරිසරය සුරකිමු” මැයෙන් පාසල් දරුවන් සඳහා චිත්‍ර තරග සහ සාමාන්‍ය දැනුම, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, කසළ ප්‍රතිචක්‍රීකරණ නවෝත්පාදන නිර්මාණ තරගයක් ද පැවැත්වුණු අතර එහිදී දරුවන්ගේ අධ්‍යාපන කටයතු සඳහා ත්‍යාග සහ තිලිණ ප්‍රදානය ද සිදු කෙරිණි.

 

පිටපත – PR

Post Views: 7
Previous Post

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

Next Post

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට භාර දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved