• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය වැවිලි බෝග වගාකරුවන් සවිබල ගන්වයි

24 August 2022
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය 2022 ලෝක පරිසර දිනයට සමගාමිව ආරම්භ කරන ලද “Together with Mee’’ තිරසර පරිසර වැඩසටහනේ සාර්ථක තවත් පියවරක් ඉදිරියට තබමින් ”හරිත දෙරණ” කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලි බෝග වගාකරුවන්ගේ සංගමය හා ඒකාබද්ධව දිවයින පුරා සිටින 2000කට අධික වගාකරුවන් පිරිසක් තාක්ෂණික සවිබල ගැන්වීමේ වැඩසටහනක් පසුගිය දා දියත් කළේය.

”හරිත දෙරණ” සංවිධානය කුඩා හා මධ්‍ය පරිමාණ වැවිලි බෝග වගාකරුවන් 2000කට අධික පිරිසකගෙන් සැදුම්ලත් මෙරට දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන වැවිලිකරුවන්ගේ සංවිධානයකි. ඔවුන් ශ්‍රී ලංකා ඔයිල් පාම් කර්මාන්තකරුවන්ගේ සංගමය සමඟ ඒකාබද්ධ වෙමින් දේශීය සම්පත්දායකයින් සහ ව්‍යවසායකයින් ආර්ථික ස්ථාවරත්වය කරා රැගෙන යාමේ කාලීන ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කරන ලදී.

වර්තමානය වන විට ආහාර බෝග වගාවට වැඩි නැඹුරුතාවයක් දක්වන කෘෂි ව්‍යවසායයන්හි නිරත ප්‍රජාව වෙත වාණිජ බෝග වගාවන් කෙරෙහි ද අවධානය යොමු කරවමින් අහාර බෝග වගා කිරීමේ නිවැරදි තාක්ෂණය භාවිතයට ගැනීම පිළිබඳව දැනුවත් කෙරිණි. ආහාර බෝග වගාකරුවන් මේ වන විට මුහුණ පා තිබෙන ගැටළු සහ දුෂ්කරතා පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණු අතර වාණිජ වැවිලි බෝග වගාව පිළිබඳවද මෙහිදී ගොවීන් සමඟ දැනුම සහ තොරතුරු හුවමාරු කර ගන්නා ලදී. විශේෂයෙන්ම ඔයිල් පාම් වගාව පිළිබඳව සත්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා ගොවින් අතර ඉහල අවශ්‍යතාවයක් ඇති බව වැඩසටහනේදී දැක ගත හැකි වූ අතර අනෙකුත් වැවිලි බෝග හා සැසඳීමේදී ඉහළ පාරිසරික හා ආර්ථික ප්‍රතිලාභ හිමිකර දෙන ඔයිල් පාම් වගාව පිලිබඳ දුර්මත සමාලෝචනය කරමින් ගොවීන්ට අවශ්‍ය සත්‍ය තොරතුරු මෙම වැඩසටහනේදී සාර්ථකව හුවමාරු කර ගැනිණි.

වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂි ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරන කුමාරි ගමඇතිගේ මහත්මිය මෙසේ පැවසිය. ‘’ලංකාව මුහුණ දී තිබෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් සොයා ගත හැකි ආකාර අතරින් කෘෂි ආර්ථිකයට විශාල අවස්ථාවක් ගොඩ නැගිලා තිබෙනවා. අපේ රටේ අතීතයේ සිටම බැඳී තිබෙන වාරි සංස්කෘතියට ගැලපෙන කෘෂිකාර්මික රටාවක් තමයි අපි අනුගමනය කළේ. අපි කවදාවත් අපේ මහපොළවට හානිවෙන දේවල් වගා කරන්න ගියේ නැහැ. විධිමත් මූලාශ්‍ර එක්ක බැලුවාම ඉදිරි දශකයේදී පාම් ඔයිල් වලට ලෝකයේ විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතිනවා. අපි මුහුණ දීලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට නම් ලෝකයේ ප්‍රවණතාවන් සැලකිල්ලට ගත යුතුයි. එහෙම නොමැතිව නිශ්චිතව තහවුරු කළ නොහැකි දුර්මතවල එල්බගෙන සිටිමින් තවදුරටත් ඵලක් වන්නේ නැහැ. පාම් ඔයිල්වලට ලෝකයේ පවතින ඉල්ලුම වැඩිවෙනවා නම් අප හමුවේ ඇති බාධා ඉවත් කරගනිමින් ඔයිල් පාම් වගාව මෙරට ව්‍යාප්ත කිරීම ගැන කල්පනා කළ යුතුයි.”

වැඩසටහන අවසානයේ හරිත දෙරණ සාමාජිකයින් හට වැවිලි බෝග සහ මි පල සහ එකදේශීය ශාක බෙදා දීමද සිදු කෙරුණු අතර ඉදිරියේදී ද මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවේ ගොවි ප්‍රජාව සවිබල ගැන්වීමට අවශ්‍ය කටයුතු කරන බව ශ්‍රී ලංකා පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමය කියා සිටි.

 

පිටපත – PR

Post Views: 3
Previous Post

මුහුදේදී රෝගී තත්වයට පත් ධීවරයෙකුට නාවික හමුදාවේ සහය

Next Post

ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි – නීතිඥ හර්ෂණ

editor

editor

Next Post

ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි - නීතිඥ හර්ෂණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved