පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට (online) ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙම පහසුකම සම්පූර්ණයෙන් ලබාදීමට කටයුතු යොදමින් සිටින බවයි. දැනටමත් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගැනීමේ පහසුකම් හඳුන්වා දී ඇත.
















