ටියුනීසියාවේ ඉන්ධන ප්‍රවාහන සේවකයින් පැය 48ක වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර, වැටුප් වැඩි කිරීම, සේවා කොන්දේසි වැඩිදියුණු කිරීම සහ 2019දී එකඟ වූ දීමනා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඔවුන් ඉදිරිපත් කර තිබේ.
General Federation of Oil and Chemicals වෘත්තීය සමිතිය විසින් සංවිධානය කර ඇති මෙම වැඩවර්ජනය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වෙත ජනතාව විශාල වශයෙන් පැමිණ ඇති බව වාර්තා වේ. ටියුනීසියාවේ ඉන්ධන බෙදාහැරීම සඳහා ප්‍රධාන වශයෙන් ට්‍රක් රථ භාවිත වන බැවින් වැඩවර්ජනය දීර්ඝ වුවහොත් සැපයුම් කටයුතුවලට බලපෑම් ඇතිවිය හැකි බවට අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත්, ජාතික ඉන්ධන බෙදාහැරීමේ සමාගමක් වන Agil හි සාමාන්‍යාධිකාරී Khaled Bettin පවසා ඇත්තේ මේ වනවිට ඉන්ධන පවතින බවයි. එහෙත් වැඩවර්ජනය ඉක්මනින් අවසන් කර නොගතහොත් සැපයුම් කටයුතුවලට තවදුරටත් බාධා ඇතිවිය හැකි බව ඔහු පෙන්වා දී තිබේ.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුවන්නේ ටියුනීසියාව තුළ විදුලි හා ජල සැපයුම් බාධා, මිල ඉහළ යාම, ඖෂධ හිඟය සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ යාම සම්බන්ධයෙන් පවතින පුළුල් ජනතා අප්‍රසාදයක් මධ්‍යයේය. ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ උද්ධමනය, විදේශ මුදල් හිඟය සහ ආයෝජන හා පරිභෝජනයට බලපාන ආර්ථික පීඩනය මෙම තත්ත්වයට දායක වී ඇති බවයි.
Al Jazeera වෙත අදහස් දක්වමින් ආර්ථික විශේෂඥ Kholoud Toumi සඳහන් කර ඇත්තේ ඉන්ධන ප්‍රවාහනය වැනි සංවේදී ක්ෂේත්‍රයක දින දෙකක වුවද වැඩවර්ජනයක් සිදුවීම ප්‍රවාහන, නිෂ්පාදන සහ සැපයුම් පිරිවැය ඉහළ යාමට හේතු විය හැකි බවයි. මේ අතර, ඇතැම් විශ්ලේෂකයන් වත්මන් තත්ත්වයට දිගුකාලීන ආර්ථික කළමනාකරණ ගැටලු සහ වෘත්තීය සමිති හා සේවායෝජක පාර්ශ්ව අතර පවතින ගැටුම්ද බලපා ඇති බව පෙන්වා දී තිබේ.
















