මොරගොඩ, හුරුලුවැව ඉස්මත්තේදී වෙඩි වැදීමෙන් ඉදිරි දකුණු පාදය තුවාල ලබා සිටි වන ඇතින්නකට පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකය මඟින් ඊයේ (28) දින අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සිදු කර තිබේ.
වනජීවී නිලධාරීන්ගේ සහ පශු වෛද්‍යවරුන්ගේ කඩිනම් මැදිහත්වීම මත මෙම ඇතින්නට ප්‍රතිකාර කර ඇති අතර, වන සතුන්ට එරෙහිව සිදුවන මෙවැනි නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් වනජීවී සම්පතට සිදුවන හානි වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රදේශවාසීන් සහ පරිසරවේදීන් ඉල්ලා සිටිති.














