මෙම වසරේ යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 7,500ක (රුපියල් බිලියන 7.5ක්) ප්‍රතිපාදන සපයා ගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුවක් අද (අගෝස්තු 21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් වන විවාදය අද පෙරවරු 11:30 සිට දහවල් 12:30 දක්වා පැවැත්වීමට ඊයේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර ඇත. යල කන්නයේ වී අස්වනු නෙළන කාල සීමාව තුළ ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සහ වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.














