යේමනයේ හූති කැරලිකරුවන් විසින් සෞදි අරාබියේ දකුණු ප්‍රදේශයේ පිහිටි නජ්රාන් (Najran) ගුවන් තොටුපළ සහ එරෙහි තෙල් පහසුකමක් ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හූති සංවිධානයේ හමුදා ප්‍රකාශක යාහ්යා සාරියා (Yahya Saree) ප්‍රකාශ කර ඇත්තේ, යේමනයේ සාදා (Saada) පළාතේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් සෞදි අරාබිය විසින් සිදු කරන ලද ඩ්‍රෝන මෙහෙයුම්වලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාර දියත් කළ බවයි.
මෙම ප්‍රහාරයෙන් නජ්රාන් ගුවන් තොටුපළේ සංවේදී ඉලක්කයක් සහ නජ්රාන්හි පිහිටි සෞදි අරාබියේ ‘ඇරම්කෝ’ (Aramco) තෙල් පහසුකම සාර්ථකව ඉලක්ක කරගත් බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර හේතුවෙන් සිදුවූ හානි හෝ ජීවිත හානි පිළිබඳව සෞදි බලධාරීන්ගෙන් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.














