හදිසි අවස්ථාවකදී ක්ෂණික සහය ලබා ගැනීම සඳහා ප්‍රධාන හදිසි සහ උදව් ඉල්ලීමේ දුරකථන අංක ළඟ තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවගෙන් ඉල්ී සිටී.
පොලිස් නිවේදනයට අනුව ප්‍රධාන අංක හතරක් මෙසේය:
119 – පොලිස් හදිසි ඇමතුම් අංකය
1984 – මත්ද්‍රව්‍ය නිවාරණ සහ මර්දන අංකය
109– පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ උදව් අංකය
1929– ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ළමා දුරකථන සේවය
හදිසි අවස්ථා වාර්තා කිරීමට, මත්ද්‍රව්‍ය සම්බන්ධ ගැටලු විසඳීමට සහ කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම අංක ඉතා වැදගත් වන බව පොලිසිය අවධාරණය කරයි. මෙම අංක සුරක්ෂිතව තබාගෙන, හදිසි මැදිහත්වීමක් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒවා භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.














