පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය ආත්මාරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් Krav Maga ආත්මාරක්ෂක සටන් ක්‍රමය ශ්‍රී ලංකා පොලිසියේ පුහුණු වැඩසටහන් සඳහා හඳුන්වා දීමේ සමාරම්භක අවස්ථාව සැප්තැම්බර් 10 වැනිදා කළුතර පොලිස් විද්‍යාලයේදී පවත්වා තිබේ.
පුහුණු සහ උසස් පුහුණු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ සංකල්පයකට අනුව වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම්ගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක අවස්ථාව පැවැත්විණි. පොලිස් විද්‍යාලයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුශාන්ත රුවන් තලගල ඇතුළු නිලධාරීන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.
Krav Maga පිළිබඳ ප්‍රවීණ උපදේශක සතිෂ් තිරමුණුගේ ප්‍රධානත්වයෙන් දින හතරක විශේෂ පුහුණු වැඩසටහනක්ද කළුතර පොලිස් විද්‍යාලයේදී ක්‍රියාත්මක කර තිබේ.














