පොදු මාර්ගවල ගමන් කරන විට අධික ශබ්දයක් ඇති වන පරිදි නවීකරණය කරන ලද සයිලන්සර් (Silencers) සවිකර ඇති වාහන ධාවනය කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරයි.
මෙම නීති විරෝධී ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා දිවයින පුරා විශේෂ වැටලීම් ක්‍රියාත්මක කිරීමට රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන හා මාර්ග ආරක්ෂණ අංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේ, මෙලෙස නීතිය උල්ලංඝනය කරමින් අධික ශබ්දයක් නිකුත් කරන අයුරින් නවීකරණය කර ඇති වාහන වහාම පොලිසිය භාරයට ගැනීමට කටයුතු කරන බවයි.
මහජන පීඩාවට හේතුවන මෙවැනි වාහන නිසා සිදුවන ශබ්ද දූෂණය පාලනය කිරීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම මෙම විශේෂ මෙහෙයුමේ අරමුණයි.
















