පොලිසිය විසින් ඊයේ (සැප්තැම්බර් 05) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද විශේෂ මෙහෙයුම්වලදී විවිධ අපරාධ සහ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 536 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලදී පුද්ගලයන් 27,100 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් සැකකරුවන් 17 දෙනෙකු, වරෙන්තුකරුවන් 222 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 117 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. මීට අමතරව, බීමත් රියැදුරන් 50 දෙනෙකු, අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ පුද්ගලයන් 117 දෙනෙකු සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 4,599 දෙනෙකු නීතියේ රැහැනට හසු කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව පොලිසිය සඳහන් කරයි.














