ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ සහ සංවර්ධන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට සහ බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා නව තාක්ෂණික මෙවලම් මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දීමට ඉන්දියාවේ C-CAMP ආයතනයේ සහාය හිමිව තිබේ.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ ඉන්දියාවේ C-CAMP (Centre for Cellular and Molecular Platforms) ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය තස්ලිමාරිෆ් සයීඩ් (Dr. Taslimarif Saiyed) ඇතුළු දූත පිරිසක් අතර මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත. නවීන ජාන විද්‍යා පර්යේෂණ, රෝග විනිශ්චය මෙවලම් සහ සෞඛ්‍ය සේවා තාක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රවලට අදාළව දෙරට අතර සෞඛ්‍ය තාක්ෂණික සහයෝගීතාව වර්ධනය කර ගැනීමට මෙහිදී එකඟතාව පළ වී තිබේ.














