පොලිස් ස්ථානයකට යාමේදී සැරසී යා යුතු නිශ්චිත ඇඳුමක් හෝ වේලාවක් නීතිය මඟින් පනවා නොමැති බව නීතිඥ රොෂෙල් ආරියවංශ පවසයි. යූටියුබ් නාලිකා වැඩසටහනකදී අදහස් දක්වමින් ඇය පෙන්වා දුන්නේ, කාලයෙන් කාලයට විවිධ පොලිස් ස්ථාන මඟින් තමන්ට ආවේණික නීති හඳුන්වා දුන්නද, යම් අගතියක් සිදුවූ විට ඊට මුහුණ දීමට අදාළ ඇඳුම අදාළ නොවන බවයි.
මෙහිදී මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් උදාහරණයට ගත් ඇය, නීතිඥවරයෙකු නිල ඇඳුමින් (කෝට්, සාරි ආදී වශයෙන්) නොමැතිව පොලිසියට යාම පදනම් කරගනිමින් ඔහුට එරෙහිව අඩන්තේට්ටම් කර තර්ජනය කිරීම මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස අධිකරණය තීන්දු කළ බව සිහිපත් කළාය. එවැනි අවස්ථාවලදී පොලිස් ස්ථාන කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ගෝපදේශ (Guidelines) ලබා දී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














