භූතානයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, භූතාන අග්‍රාමාත්‍ය දාෂෝ ෂෙරින් ටොබ්ගේ (Dasho Tshering Tobgay) මහතා හමුවී තිබේ. 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවෙහි ප්‍රධාන දේශකවරිය ලෙස සහභාගී වීම සඳහා භූතානයේ සංචාරය කරන අග්‍රාමාත්‍යවරිය තිම්පු නුවරදී මෙම හමුවට එක්ව ඇත.
ශ්‍රී ලංකාව සහ භූතානය අතර දීර්ඝ කාලයක් පුරා පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, වෙළෙඳාම, සංචාරක කර්මාන්තය සහ ගුවන් සම්බන්ධතා ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳව මෙහිදී දෙරටේ නායකයින් අතර පුළුල් ලෙස සාකච්ඡා වී තිබේ. මීට අමතරව, දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණදීම, පරිසරය ආරක්ෂා කිරීම සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට මෙම හමුව මඟින් එකඟතාව පළ වී ඇත.
















