• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නියෝජ්‍ය ඇමති අරුණ් හේමචන්ද්‍ර ලංකාවට ආයෝජන ගෙන්වීමට කටාර් වාණිජ මණ්ඩලය සමඟ සාකච්ඡා

පුහුණු ලාංකිකයන්ට රැකියා අවස්ථාද පුළුල් කරයි!

24 September 2026
in දේශීය, පුවත්
නියෝජ්‍ය ඇමති අරුණ් හේමචන්ද්‍ර ලංකාවට ආයෝජන ගෙන්වීමට කටාර් වාණිජ මණ්ඩලය සමඟ සාකච්ඡා
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ආර්ථික හා සංවර්ධන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නව ආයෝජන, සංවර්ධන ආධාර සහ පුහුණු ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා පවත්වා තිබෙනවා.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතාගේ නිල දෝහා සංචාරය අතරතුර මෙම සාකච්ඡා පැවැත්වුණු අතර, කටාර් වාණිජ මණ්ඩලය, කටාර් සංවර්ධන අරමුදල සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද ඔහු හමුවී තිබෙනවා.
කටාර් වාණිජ මණ්ඩලයේ පළමු උප සභාපති මොහොමඩ් බින් අහමඩ් බින් තවාර් මහතා හමුවූ නියෝජ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර වෙළෙඳාම, ආයෝජන සහ ව්‍යාපාරික සහයෝගීතාව පුළුල් කිරීමේ අවස්ථා පිළිබඳ අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. කොළඹ වරාය නගරය, දේපළ වෙළෙඳාම් සහ නව ව්‍යාපාරික ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා ද මෙහිදී අවධානයට ලක්ව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය, රාජ්‍ය මූල්‍ය විනය සහ ආයතනික ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කටාර් වාණිජ මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ‘B-’ දක්වා ඉහළ නැංවීම සහ ස්ථාවර ඉදිරි දැක්මක් ලබාදීම පිළිබඳව ද කරුණු ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 වැඩසටහන සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
මේ අතර, කටාර් සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අබ්දුල්ලා අල්ෆෙහානි මහතා සමඟ පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය, අධ්‍යාපන සහ නිවාස ඇතුළු ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳව ස්තුතිය පළ කර තිබෙනවා. ඉදිරියේදී දෙරට අතර සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සහ නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද එහිදී සලකා බලා ඇති බව සඳහන්.
දෝහාහිදී ‘එතෙර අපි’ සංවිධානයේ මෙහෙයවීමෙන් පැවති හමුවකදී ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා. එහිදී විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසාධනය හා ආරක්ෂාව, සාධාරණ සහ විනිවිද පෙනෙන බඳවා ගැනීමේ ක්‍රමවේද සහ විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන සේවා වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.
මෙම හමුවීම් ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර ආයෝජන, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ විදේශ රැකියා ක්ෂේත්‍රවල සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වූ නිල සංචාරයේ කොටසක්.
Post Views: 7
Previous Post

ව්‍යාජ ලේඛනවලින් විදෙස් ගමන් බලපත්‍ර ගත් අපරාධකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි අධිකරණයෙන් නියෝග

Next Post

ට්‍රම්ප් තහනම් කළ CNN ඇතුළු මාධ්‍ය ආයතන 3කට යළි ධවල මන්දිරයට ප්‍රවේශය ලබාදෙන්නැයි අධිකරණයෙන් නියෝග

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved