පසුගිය 17 සහ 18 දිනවල පැවති දුම්රිය වෘත්තීය සමිති වර්ජනය හේතුවෙන් ටිකට් පත් නිකුත් නොකිරීම නිසා නොමිලේ දුම්රියේ ගමන් කිරීමට සිදුවූ මගීන් වෙනුවෙන්, තමන් එදින ගිය ගමනට අදාළ මුදල අද දින අමතර ටිකට් පතක් මිලදී ගනිමින් පියවීමට තරුණයෙකු කටයුතු කර තිබේ.
වර්ජනය පැවති දිනවල සාමාන්‍ය ක්‍රියාපටිපාටිය කරගෙන යාමට සේවකයින් නොමැති වීම නිසා මගීන්ට නොමිලේ ගමන් කිරීමට අවස්ථාව ලැබුණද, එයින් රජයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල ආදායම් පාඩුවක් සිදුවිය. “වර්ජනය පැවැති දිනයේ නොමිලේ ගමන් කළා… ඒ නිසා අද ටිකට් පත් දෙකක් ලබා ගත්තා. පුරවැසියෙකු ලෙස මගේ වගකීම ඉටු කළා පමණයි” යනුවෙන් එම තරුණයා ‘රටවටා දුම්රිය මගීන්ගේ සංගමය’ ෆේස්බුක් සමූහයට සටහනක් තබා තිබූ අතර, මෙය රට හදන අලුත් පරම්පරාවේ ආකල්පමය වෙනස පෙන්නුම් කරන විශිෂ්ට පූර්වාදර්ශයක් ලෙස සැමගේ පැසසුමට ලක්ව ඇත.













