ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය අද (14) සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව දුම්රිය බලධාරීන් තහවුරු කරයි.
මෙම ප්‍රහාරයේ බලපෑම වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට පමණක් සීමා වී ඇති බව නිලධාරීහු පවසති.
පූර්වාරක්ෂක පියවරක් ලෙස, අදාළ දෝෂ නිවැරදි කර සේවාවන් යථා තත්ත්වයට පත් කරන තෙක් වෙබ් අඩවියේ එම කොටස තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.
















