රට තුළ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තීව්‍ර වීමත් සමඟ, ඊයේ (23) දින මෙරට ඉහළම උපරිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 37.5ක් පොළොන්නරුවෙන් සහ පොතුවිල්වලින් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 37.0ක් සහ මුලතිව් හා මොනරාගල ප්‍රදේශවලින් සෙල්සියස් අංශක 36.8ක උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර, උතුරු මැද, නැගෙනහිර සහ මොනරාගල යන ප්‍රදේශවල මෙම උණුසුම් කාලගුණ තත්ත්වය වැඩිදුරටත් වර්ධනය වී ඇති බව වාර්තා වේ.















