2026 අයවැය යෝජනාවකට අනුව, අඩු ආදායම්ලාභී පවුල්වල විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන් සඳහා එක් සිසුවෙකුට රුපියල් 5,000ක මාසික දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
දිවයිනේ සියලුම පාසල්වල අධ්‍යාපනය ලබන සුදුසුකම් ලත් සිසුන් හඳුනාගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, ඒ අනුව සිසුන් 5,530 දෙනෙකු මෙම දීමනාව සඳහා සුදුසුකම් ලබා ඇති බව වාර්තා වේ. එම සිසුන් සියලු දෙනා වෙත මාසික දීමනාව ලබා දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.














