ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග 2036 වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලෙන් පසු තම ක්‍රීඩා දිවියට සමුදීමට බලාපොරොත්තු වන බව පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ සිය ජීවිත කතාව ඇතුළත් ‘අධිෂ්ඨානයේ රන් සලකුණ – රුමේෂ්’ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
ලේඛක චූලාභය ශාන්තකුමාර හේරත් මහතා විසින් රචිත මෙම කෘතියේ රුමේෂ් තරංගගේ ළමා කාලයේ සිට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගැනීම දක්වා වූ ජීවන ගමන ඇතුළත් කර තිබේ.
ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (17) කොළඹ පදනම් ආයතනයේදී සිදුකෙරුණු අතර, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.
















