පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගයක් පිළිබඳව විමල් වීරවංශ මහතා සැප්තැම්බර් 12 වැනිදා කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.
ඒ සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා එම රැස්වීමේදී සිදුකළ ප්‍රකාශ ඇතුළත් සී.ඩී. පටයක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
මේ අතර, නාමල් රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියකට අදාළ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඔහු සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.















