2026 අප්‍රේල් මස අවසානය වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 2.9%ක ප්‍රතිශතයකින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2026 පෙබරවාරි මස අග භාගයේදී ආරම්භ වූ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශීය අංශයට එල්ල වූ පීඩනයන් මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
මේ අතර, චීන මහජන බැංකුව සමඟ පවතින විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළුව මෙරට දළ නිල සංචිතය 2026 මාර්තු මස අග වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7.0ක් ලෙස වාර්තා විය. මහ බැංකුව විසින් විදේශ විනිමය මිලදී ගනු ලැබුව ද, විදේශ ණය සේවාකරණය සඳහා සිදු කළ ගෙවීම් හේතුවෙන් දළ නිල සංචිතයේ යම් පහළ යාමක් සිදුව ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.














