ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික වාර්තාවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ අගය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 313.62ක් ලෙස සටහන් වූ අතර, විකුණුම් මිල රුපියල් 321.09ක් දක්වා ඉහළ ගොස් ඇත.
අද දින ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික සටහන් වී තිබූ ආකාරය අනුව අමානා බැංකුවේ ගැනුම් මිල රුපියල් 315.00ක් සහ විකුණුම් මිල රුපියල් 322.00ක් ලෙස වාර්තා විය. මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 314.34ක් සහ විකුණුම් මිල රුපියල් 321.27ක් ලෙසත්, සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 314.75ක් සහ විකුණුම් මිල රුපියල් 321.25ක් ලෙසත් සටහන් විය.
කොමර්ෂල් බැංකුවේ ගැනුම් මිල රුපියල් 312.80ක් සහ විකුණුම් මිල රුපියල් 321.25ක් ලෙස වාර්තා වූ අතර, ලංකා බැංකුවේ ගැනුම් මිල රුපියල් 313.75ක් සහ විකුණුම් මිල රුපියල් 320.75ක් ලෙස සටහන් වී තිබුණි. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය සහ ආනයන වියදම් ඉහළ යාම වැනි කරුණු හමුවේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මෙලෙස යම් පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.















