සලේට යුක්තිය” සංවාද මණ්ඩපය ජාතික පුස්තකාල පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, එම අවස්ථාව සඳහා නීතිඥ කල්‍යානන්ද පියානන්ද, වෛද්‍ය වසන්ත බණ්ඩාර, නීතිඥ සංජීව වීරවික්රම, හිටපු ආණ්ඩුකාර අනුරාධා යහන්පත්, නීතිඥ නුවන් වැල්ලන්තුඩාව, බලපති යුතිනල් ශාන්ත බලපති, අබීත එදිරිසිංහ සහ නීතිඥ මදුමාලි අල්විස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ නීතිඥ නුවන් වැල්ලන්තුඩාව මහතා සඳහන් කළේ පරීක්ෂණ ආරම්භ වීමට පියතුමන්ලා කළ පැමිණිල්ලක් හේතු වී ඇති බවත්, වරෙන්තු ලබා සිටින පුද්ගලයන් බුද්ධි අංශ වෙත ගොස් තොරතුරු රැගෙන යාම සම්බන්ධයෙන් ගැටලු පවතින බවත්ය.
එමෙන්ම, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර විමර්ශන වාර්තා ලබා ගන්නා ලෙස නීතිඥ සංජීව වීරවික්රම මහතා ඉල්ී සිටියේය. ශාන්ත ජයතිලක මහතා අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා මේ සියල්ල දැනගෙන කටයුතු කරන බවයි.
















