ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඉංජිනේරු ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රියාද්හි පිහිටි සෞදි ඉංජිනේරු කවුන්සිල (SCE) මූලස්ථානයේදී පවත්වා තිබේ.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සහ සෞදි ඉංජිනේරු කවුන්සිලයේ සභාපති ඉංජිනේරු අහමඩ් බින් තුරයිස් අල්-ෂෙයික් අතර පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට සෞදි අරාබිය තුළ නව රැකියා අවස්ථා උදාකර දීම සහ ඔවුන් මුහුණදෙන වෘත්තීය පිළිගැනීමේ (Accreditation) ගැටලුවලට විසඳුම් සෙවීමයි.
සිවිල්, යාන්ත්‍රික, විදුලි, මෘදුකාංග, ප්‍රමාණ සමීක්ෂණ (QS) ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ දක්ෂතා සෞදි පාර්ශ්වයේ ඇගයීමට ලක්ව ඇති අතර, වෘත්තීය පිළිගැනීමේ ක්‍රියාවලිය සරල කිරීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇත.














