කොළඹ, අගෝස්තු 3 (ඩේලි මිරර්) – කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වුණු 2026 ලෝක පාසල් විවාද ශූරතාවලියේදී (WSDC) ශ්‍රී ලංකා ජාතික පාසල් විවාද කණ්ඩායම රටේ ඉතිහාසයේ විශිෂ්ටතම දක්ෂතා දක්වමින් මූලික වටයෙන් පසු ලෝකයේ රටවල් 80කට අධික සංඛ්‍යාවක් අතුරින් 1 වන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබේ.ජූලි 14 සිට 24 දක්වා රටවල් 80කට අධික නියෝජනයක් සහිතව පැවති මෙම තරගාවලියේදී, ශ්‍රී ලංකා කණ්ඩායම මූලික විවාද අටෙන් හතක්ම ජයග්‍රහණය කරමින් ප්‍රථම වතාවට මූලික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් විය. දකුණු කොරියාව, හොංකොං, කැනඩාව සහ නවසීලන්තය වැනි ප්‍රබල රටවල් පරාජය කරමින් මෙම ජයග්‍රහණය ලබා ඇති අතර, අවසාන අටේ වටය (Double Octo-Finals) දක්වා ඉදිරියට යාමට ඔවුන්ට හැකි විය.මෙම ඓතිහාසික ජයග්‍රහණයට දායක වූ කණ්ඩායමට Savith Wijesundara (Elizabeth Moir School), Rudhesh Ram (Colombo International School), Adam Dhilshan (Royal College), T. Tharaniharan (Royal College) සහ Apoorva Jinadasa (Hillwood College) ඇතුළත් වූ අතර, ඔවුන් Shalem Sumanthiran, Sachin Tissera සහ Kavindra Senaratna යන මහත්වරුන්ගේ පුහුණුව යටතේ තරග කළහ.පුද්ගලික දක්ෂතා අතින්ද කැපී පෙනෙන දස්කම් දැක්වූ Savith Wijesundara ලෝකයේ 4 වන හොඳම වක්තෘවරයා (Best Speaker) ලෙසත්, ESL (දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි) කාණ්ඩයේ ලෝකයේ 1 වන ස්ථානයත් දිනා ගත්තේය. මීට අමතරව Rudhesh Ram ලෝකයේ 7 වන හොඳම වක්තෘවරයා ලෙසත්, Adam Dhilshan 6 වන හොඳම ESL වක්තෘවරයා ලෙසත් නම් කෙරිණි.














