ප්‍රබල සුළං තත්ත්වය හේතුවෙන් ඇතන්ස් නුවරට වයඹ දෙසින් හටගත් දරුණු ලැව්ගින්න පාලනය කිරීම සඳහා ග්‍රීක ගිනි නිවන භටයන් සිය ගණනක් සිව්වන දිනටත් අද (03) දැඩි සටනක නිරතව සිටිති.
මෙම ගින්න හේතුවෙන් නිවාස, වනාන්තර සහ කෘෂිකාර්මික බිම් දහස් ගණනක් විනාශ වී ඇති අතර, හදිසි ඉවත් කිරීම් පවා සිදු කිරීමට සිදුව තිබේ. ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම්වල යෙදී සිටි හෙලිකොප්ටර් යානා දෙකක් අහසේදී ගැටීමෙන් ග්‍රීක සහ ඩෙන්මාර්ක ජාතිකයන් දෙදෙනෙකු ඉරිදා දින ජීවිතක්ෂයට පත්වීම ග්‍රීක හදිසි මෙහෙයුම් අංශයන්ට දැඩි කම්පනයක් ගෙන දී ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වූ දැඩි උණුසුම් කාලගුණය සහ ප්‍රබල සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීම අතිශය දුෂ්කර වී ඇති බව බලධාරීහු පවසති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














