දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (21) පාසල් 38ක් වසා තැබීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අද උදෑසන 9.00 වන විට මධ්‍යම පළාතේ පාසල් 35ක් සහ සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වල එක් පාසල බැගින් මෙලෙස වසා තැබීමට තීරණය කර තිබෙනවා. අයහපත් කාලගුණය හමුවේ පාසල් පවත්වාගෙන යාම පිළිබඳ තීරණ ගැනීමේ බලය අධ්‍යාපන බලධාරීන්ට පවරා ඇති බවද සඳහන්.













