දිවයින පුරා පාසල් සඳහා Smart Boards 4,570ක් ආනයනය කර බෙදාහැරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබේ. ඇය මේ බව සඳහන් කර ඇත්තේ අද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරියක් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
ඒ අනුව 2024 වසරේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ප්‍රතිපාදන යටතේ ලබාගත් Smart Boards 1,000ක් පාසල් 1,000කට බෙදාදී අවසන් කර ඇති බවත්, 2025 සහ 2026 වසර සඳහා චීන ආධාර ව්‍යාපෘතිය යටතේ ලබාගත් Smart Boards 900කින් 500ක් පාසල් වෙත ලබාදී ඇති බවත් ඇය සඳහන් කර තිබේ.
තවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ පළාත් මට්ටමින් ලබාගත් තවත් Smart Boards පාසල් වෙත බෙදාදීම සහ සවිකිරීම සිදුකරමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත. පාසල් පන්ති කාමර ඩිජිටල්කරණය කරමින් නවීන තාක්ෂණය සිසුන්ට සමීප කිරීම මෙම වැඩසටහන්වල අරමුණ බවද ඇය පවසා තිබේ.















